Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාව ත්‍රස්තවාදයක නියැලෙමින් සිටින බවට යුක්රේන ජනපතිගෙන් චෝදනා  

Add comments

රුසියාව ත්‍රස්තවාදයක නියැලෙමින් සිටින බවට යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්සිකි චෝදනා කරනවා.

රුසියාවේ යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වෙනම අධිකරණයක් නිර්මාණය කළ යුතු බවයි යුක්රේන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. මධ්‍යම යුක්රේන් විනිට්ශියා නගරයට රුසියාවෙන් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් කුඩාදරුවන් තුන් දෙනෙකු ඇතුළු සාමාන්‍ය වැසියන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙය මුළුමනින්ම ත්‍රස්ත ක්‍රියාවක් බවයි යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙක් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෙන්ම යුරෝපා සංගමයද දැඩි ලෙස කනස්සල්ල පල කර තිබෙනවා.

 

 

 

The post රුසියාව ත්‍රස්තවාදයක නියැලෙමින් සිටින බවට යුක්රේන ජනපතිගෙන් චෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG