ගාසා තීරයට ඊශ්‍රායල හමුදා ඊයේ එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීන ප්‍රබල සටන්කාමියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඊශ්‍රායල ගුවන් හමුදා පලස්තීන සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊයේ ගුවන් ප්‍රහාරයක් එල්ල කළා. සිද්ධියෙන් පුද්ගලයන් 10 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. මිය ගිය පිරිස අතර කුඩා ගැහැනු දරුවෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පලස්තීන ඉස්ලාම් ජිහාද් පලස්තීන නායකයෙකු වන තයිසීර් ජබාරිද මියගි පිරිස අතර සිටිනවා. සිද්ධියෙන් 55 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබුවා
The post ඊශ්‍රායල හමුදා එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීන සටන්කාමියෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment