බේරුවල නගරයේ ස්වර්ණාභරණ වෙළෙදසැල් දෙකකින් ස්වර්ණාභරණ සොරකම් කළ පුද්ගලයෙකු බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තා.
පසුගිය පස්වනදා බේරුවල ස්වර්ණාභරණ වෙළෙදසැල් දෙකකට ඇතුළුවී ස්වර්ණාභරණ විශාල ප්‍රමාණයක් සොරකම් කර ඇති බවට බේරුවල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. ඒ අනුව කළ වැටලීමක දී බේරුවල මාලිගාහේන ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අවුරුදු 34 ක් වන පස්දරු පියෙක්. ස්වර්ණාභරණ වෙළෙදසැලේ වහලයේ තහඩු ගලවා වෙළෙදසැලට ඇතුළුවී ඇති බවටයි හෙළිවී තිබෙන්නේ. සැකකරුගේ නිවසේ අල්මරියේ සහ ජලය බැසයාමට යොදාගන්නා බටයක සූක්ෂම ලෙස සගවා තිබියදී සොරකම් කළ රත්‍රං සොයාගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
The post වෙළෙදසැල් දෙකකින් ස්වර්ණාභරණ සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment