ඉන්ධන ලබා ගැනිමට කිව් ආර් කේතය සදහා අලුතින් වාහන ලියාපදිංචියට හෙට පස්වරුව වෙන තෙක් අවස්ථාව හිමිවන්නේ නැති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කලින් සැලසුම් කළ පද්ධති අලුත්වැඩියාවක් හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට පැය 48 ක කාලයක් සදහා කිව් ආර් කේතයට ලියාපදිංචි විය නොහැකියි.
කෙසේ වෙතත් කිව් ආර් කේතය සදහා දැනට ලියාපදිංචි වී ඇති වාහන සදහා මෙම පද්ධති අලුත්වැඩියාවෙන් කිසිදු බලපෑමක් සිදු වන්නේ නැති බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ. ලබන මාසය සදහා අවශ්‍ය කරන ඉන්ධන තොගද මේ වනවිට ඇනවුම් කර අවසන්.
කිව් ආර් කේතය මගින් ඉන්ධන නිකුත් කිරීම දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වනවිට සාර්ථකව සිදුවනවා. ඒ අනුව ඉන්ධන පිරවුම්හල් අසල පසුගිය දිනවල පැවති දිගු පෝලිම්වල විශාල අඩුවක් දක්නට ලැබෙනවා.
The post හෙට පස්වරුව වෙන තෙක් QR කේතය සඳහා වාහන ලියාපදිංචියට අවසර නැහැ appeared first on ITN News.
Post a Comment