Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ව්‍යාජ මත පැතිරවූ ගුවන්විදුලි මාධ්‍යවේදියෙකුට විශාල වන්දියක් ගෙවීමට සිදු වෙයි  

Add comments

සමාජය තුළ විවිධ වැරදි තොරතුරු ප්‍රචලිත කිරීමට කටයුතු කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ ගුවන්විදුලි මාධ්‍යවේදියෙකු වූ ඇලෙක්ස් ජෝන්ස් ට එරෙහිව ඇමෙරිකා ඩොලර් මිලියන 49.3 ක අති විශාල වන්දියක් ගෙවන ලෙසට අධිකරණය නියෝග කර තිබෙනවා.

ටෙක්සාස් ප්‍රාන්තයේ අධිකරණයක ජූරියක් මගිනුයි මෙම වන්දිය ගෙවන ලෙසට නියෝග කර ඇත්තේ. 2012 වසරේ සැන්ඩි හූක් හි පාසලක සිදුවූ සමූහ ඝාතනය බොරුවක් බව ප්‍රකාශ කරමින් ඔහු පැතිරවූ ව්‍යාජ මතය නිසා මෙම දඩුවම හිමිවුණා. සිද්ධියෙන් ඝාතනයට ලක්වූ දරුවෙකුගේ දෙමාපියනුයි නඩුව පවරා ඇත්තේ. ඇලෙක්ස් ජෝන්ස්ගේ වැරදි තොරතුරු නිසා තමන්ට මානසික හිංසාවක් සහ පීඩාවක් සිදුවූ බවට චෝදනා කරමින් ඇමෙරිකා ඩොලර් මිලියන 150ක වන්දියක් ඉල්ලා එම නඩුව පවරනු ලැබුවා.

 

 

 

The post ව්‍යාජ මත පැතිරවූ ගුවන්විදුලි මාධ්‍යවේදියෙකුට විශාල වන්දියක් ගෙවීමට සිදු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG