ඇමෙරිකා එක්සත් ජනපදය යුක්රේන හමුදාවට ඩොලර් බිලියන 2.2 ක ආධාරයක් ලබාදීම තීරණය කර තිබෙනවා.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් යුක්රේන අගනුවර වන කියෙව් හි සංචාරයකට එක්ව තිබෙනවා. මෙහිදී රාජ්‍ය ලේකම්වරයා මේ පිළිබඳ සාකච්ඡා කිරීමට යුක්රේන ජනාධිපතිවරයා සහ අනෙකුත් ජ්‍යෙෂ්ට නිලධාරින් හමු වූ අතර එහිදී ඩොලර් බිලියනයක ආධාර යුක්රේනයට ලබාදී තිබෙනවා. මේ අතර යුක්රේන යුද ක්‍රියාදාමයට බර අවි සන්නද්ධ වාහන සහ පතුරම් සඳහා ඩොලර් මිලියන 675 ක් ලබාදීමට ද කටයුතු කර තිබෙනවා. පෙබරවාරි මාසයේ යුක්රේන රුසියා යුද්ධය ආරම්භවීමෙන් අනතුරුව අගෝස්තු මස දක්වා ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 44.3 ක ආධාර ලබාදී තිබෙනවා.
The post ඇමෙරිකාවෙන් යුක්රේනයට ඩොලර් බිලියන 2.2ක ආධාරයක් appeared first on ITN News.
Post a Comment