Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සත්ව ආහාර ලෙස සකසමින් තිබූ පරිභෝජනයට සුදුසු සහල් තොගයක් අත්අඩංගුවට  

Add comments

රජය සතු මහවැලි සත්ව ගොවිපොළක මිනිස් පරිභෝජනයට සුදුසු සහල් තොගයක් සත්ව ආහාර ලෙස සකසමින් තිබියදී පාරිභෝගික අධිකාරිය යටතට ගෙන තිබෙනවා.

තඹුත්තේගම හුරීගස්වැව ප්‍රදේශයේ මහවැලි සත්ව ගොවිපොලකයි මෙම ආහාර නිෂ්පාදනය සිදු කර ඇත්තේ. පාරිභෝගික සේවා අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කෙරුණේ. මෙම සහල් තොගය ඉන්දියාවෙන් ආනයනය කර තිබෙනවා.

2024 වසරේදී ඒවායෙහි කල් ඉකුත්වන බවයි සදහන් වන්නේ. කිලොග්‍රෑම් 8000කට අධික මෙම සහල් තොගයක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් මෙසේ සොයා ගත්තා. මෙම සහල් තොගයෙන් වැඩි ප්‍රමාණයක් වැටලීම සිදුකරන විටත් සත්ව ආහාර නිෂ්පාදනය සදහා යොදා ගෙන තිබුණා. වී හෝ සහල් සත්ව ආහාර සදහා යොදා ගැනීම තහනම් කරමින් මේ වන විට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

 

 

The post සත්ව ආහාර ලෙස සකසමින් තිබූ පරිභෝජනයට සුදුසු සහල් තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG