Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

75 වන නිදහස අභිමානවත්ව සැමරීමට ජනපතිගෙන් උපදෙස්  

Add comments

75 වන නිදහස අභිමානවත්ව සැමරීමට පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

පවත්නා ආර්ථික තත්ත්වය හමුවේ අඩු පිරිවැයකින් එම කටයුතු සිදු කිරීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේ.

75 වන නිදහස් දින සමරු උළෙල සංවිධාන කමිටු පළමු රැස්වීම ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. විවිධ සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විතව ඉතා විචිත්‍රවත් අයුරින් නිදහස් දින උළෙල ගාලුමුවදොරදී පෙබරවාරි 4 වනදා සවස් කාලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ පෙළපාලි සහ උත්තමාචාරවලට අමතරව ශ්‍රී ලාංකේය අභිමානය විදහා දැක්වෙන සංස්කෘතිකාංග හා යෞවනයට ගැළපෙන කලා අංග ඊට එක් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

පළාත් 9 නියෝජනය වන පරිදි සංස්කෘතික හා කලා මෙන්ම ආගමික වැඩසටහන් එම පළාත්වල දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් පැවැත්වීමටත් පළාත් හා ජාතික මට්ටමින් පාසල් දරුවන් මූලික කරගනිමින් තරග කිහිපයක් සංවිධාන කිරීමට හා තරුණ තරුණියන්ගේ රසවින්දනය වෙනුවෙන් කලා හා සංගීත වැඩසටහන් පළාත් මට්ටමින් පැවැත්වීමටත් මෙහිදී තීරණය කෙරුණා. සෑම වැඩසටහනක්ම ජනතාවට සහභාගී විය හැකි හා රසවිදියහැකි අයුරින් අර්ථවත්ව සංවිධාන කිරීමේ අවශයතාවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කළා.

ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීමේ අපේක්ෂාවෙන් සාර්ක් රටවල විදේශ අමාත්‍යවරුන්ට නිදහස් උළෙලේ විශේෂ ආරාධිතයන් ලෙස ආරාධනා කිරීමට ද තීරණය වුණා. නිදහස් දිනයට සමගාමීව අඩු ආදායම්ලාභී පවුල් සදහා නිවාස එක්දහස් නවසිය අනූ හයක් ඉදිකිරීමටද සැලසුම් කර තිබෙනවා. කොට්ටාවේ ඉදිවන නිවාස සංකීර්ණය කලාකරුවන් වෙනුවෙන් වෙන් කිරීමටයි තීරණය වී ඇත්තේ.

සියලු නිවාස දේශපාලන පදනම හෝ හිතවත්කම් මත නොව ප්‍රමුඛතාව මත සහ නිසි අවශ්‍යතාව මත පදනම්ව පමණක් ලබාදීමට අවශ්‍ය ක්‍රමවේද වහා සකස් කරන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දුන්නා. සියලු පළාත් මූලික කරගනිමින් විවිධ තේමා යටතේ ප්‍රදර්ශන පැවැත්වීමටත් දෙවුන්දර තුඩුව හා පේදුරුතුඩුව යා කරමින් ප්‍රදර්ශනාත්මක පාපැදි සවාරියක් සංවිධාන කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා මෙහිදී යෝජනා කළා.

එමෙන්ම නිදහස් දිනය මූලික කරගනිමින් සීමිත පිටපත් සංඛ්‍යාවක් සහිත සුවිශේෂී මුද්දරයක් නිකුත් කිරීමටත්, නිදහස් දිනය පිළිබද ජනතාව තුළ අභිමානයක් ඇතිවන අයුරින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිවරයා තවදුරටත් උපදෙස් ලබා දුන්නා. ඊට අදාළ අනු කමිටු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ ජනාධිපති ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පත් කිරීමටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙහිදී උපදෙස් ලබා දුන්නා.

 

 

The post 75 වන නිදහස අභිමානවත්ව සැමරීමට ජනපතිගෙන් උපදෙස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG