ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති රනිල් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍ය කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.
රනිල් ජයවර්ධන මහතා දිවුරුම් දී ඇත්තේ බ්‍රිතාන්‍යයේ පරිසර ආහාර සහ ග්‍රාමීය කටයුතු අමාත්‍යවරයා ලෙසයි. බ්‍රිතාන්‍යයේ එවැනි තනතුරකට පත් වූ ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති ප්‍රථම පුද්ගලයා වන්නේද රනිල් ජයවර්ධන මහතායි. 2015 වසරේ පැවති මහ මැතිවරණයෙන් ජයගනිමින් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පළමුවරට පිවිසියා. ඒ බ්‍රිතාන්‍යයේ ඊසානදිග හැම්ෂෙයර් කොට්ඨාසය නියෝජනය කරමින්. 2020 වසරේ මැයි මස සිට මේ දක්වා ජාත්‍යන්තර වෙළෙදාම පිළිබද අමාත්‍ය ධූරය හෙබවූවා. 1986 වසරේ උපන් රනිල් මැල්කම් ජයවර්ධන මහතාගේ දෙමව්පියන් බ්‍රිතාන්‍යයට ගොස් ඇත්තේ 1978 වසරේදීයි.
මේ අතර ඉන්දීය සම්භවයක් සහිත සුඑල්ලා බ්‍රේවමන් ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා. 42 හැවිරිදි වියේ පසුවන ඇය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යටතේ බ්‍රිතාන්‍යයේ නීතිපතිවරයා ලෙස කටයුතු කළා. ඉන්දියානු ජාතිකයන් වන ඇයගේ දෙමව්පියන් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී ඇත්තේ 1960 වසරේදීයී. සුඑල්ලා බ්‍රේවමන් බෞද්ධ ආගමිකයෙකු වන අතර අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවේදී ඇය ධම්ම පදය පුස්තකයට අත තබා දිවුරුම්දීම බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබෙනවා.
The post රනිල් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍ය කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි appeared first on ITN News.
Post a Comment