Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නෙළුම් කුළුණේ ප්‍රවේශපත්‍ර ගැන චීන තානාපති කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්  

Add comments

කොළඹ නෙළුම් කුළුණට ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා පිළිබඳව කොළඹ චීන තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

නෙළුම් කුළුණු නමින් හැඳින්වෙන නෙළුම් කුළුණේ පළමු අදියර හෙට එනම් සැප්තැම්බර් 15 වැනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

පළමු අදියරේ කොටසක් ලෙස ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 113 ක වියදමින් ඉදිකරන ලද නෙළුම් කුළුණේ නිරීක්ෂණ තට්ටුව සහ ප්‍රදේශ කිහිපයක් මහජනතාව සඳහා මෙලෙස විවෘත වනවා.

විදේශිකයන්ට ඇමෙරිකා ඩොලර් විස්සක ප්‍රවේශපත්‍රයක් ලබා ගත යුතුයි. රුපියල් දෙදහසේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා අයට පෝලිම්වල රැදී නොසිට පරිශ්‍රයට ඇතුළු විය හැකියි. අවස්ථා කිහිපයක් වුවද කුළුණේ ඉහළට යා හැකියි.

රුපියල් 500 ක ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා අයෙකුට කුළුණේ ඉහළට යා හැක්කේ එක් වතාවක් පමණයි. ප්‍රවේශ පත්‍රය වෙනුවට කිව් ආර් කේතයක් හදුන්වා දීමටද සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ චීන ජාතිකයින්ට ප්‍රවේශ පත්‍ර ගාස්තුවලින් නිදහස් කිරීම් පිළිබඳ තොරතුරු ඇතුළත් නෙළුම් කුළුණේ බව කියන ටිකට් පතක් සමාජ මාධ්‍යවල සංසරණය වුණා.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් කොළඹ චීන තානාපති කාර්යාලය කියා සිටියේ මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ප්‍රවේශ පත්‍රය ව්‍යාජ එකක් බවයි.

හෙට මහජනතාවට නිකුත් කෙරෙන නෙළුම් කුළුණේ මුල් ටිකට් පතේ ඡායාරුපයක් ද තානාපති කාර්යාලය විසින් පළකර තිබෙනවා.

 

The post නෙළුම් කුළුණේ ප්‍රවේශපත්‍ර ගැන චීන තානාපති කාර්යාලයෙන් පැහැදිලි කිරීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG