චීන ජනාධිපති ෂීජීන්පීංමහතා සහ කසක්ස්ථාන ජනපති Kassym-Jomart Tokayev මහතා අතර සාකච්ඡාවක් පැවැත්වෙයි.
එම සාකච්ඡාව ඊයේ (14) කසක්ස්ථානයේ නූර්-සුල්තාන්අගනුවර පැවැත්විණ.
කොරොනා වසංගතය පැතිරයාමෙන් පසු, මෙය තමා එක්වන පළමු නිල සංචාරය බවත්, ඒ සඳහා කසක්ස්ථානය තෝරා ගත් බව ෂීජීන්පීං මහතා පැවසීය. එමගින් චීන කසක්ස්ථාන සබඳතාවන් ඉහළ මට්ටම සහ නිශ්චිත භාවය මෙන්ම දෙරට අතර පවතින ගැඹුරු මිත්‍රත්වය පෙන්නුම් කෙරෙන බව හෙතෙම කියා සිටියේය.
ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස්වුවද, චීනය කසක්ස්ථානයේ ජාතික ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා සැමවිටම සහාය දෙයි.
කසක්ස්ථානයේ අභ්‍යන්තරකටයුතුවලට මැදිහත්වන ඕනෑම බලවේගයකට චීනය දැඩි ලෙස විරුද්ධ වේ. චීනය සැමවිටම කසක්ස්ථානයේ විශ්වාසවන්ත මිතුරා සහ හවුල්කරුවා වන බවද චීන ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
The post චීන ජනපති සහ කසක්ස්ථාන ජනපති අතර සාකච්ඡා appeared first on ITN News.
Post a Comment