Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෙන්යාවේ නව ජනාධිපති විලියම් රූටෝ දිවුරුම් දෙයි  

Add comments

කෙන්යාවේ නව ජනාධිපතිවරයා ලෙස විලියම් රූටෝ දිවුරුම් දුන්නා.

කෙන්යාවේ නයිරෝබි අගනුවරදී දහස් ගණනකගේ සහභාගීත්වයෙන් දිවුරුම්දීමේ උත්සවය පැවැත්වුණා. පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් රයිලා ඔඩින්ගා පරාජයට පත්කරමින් විලියම් රූටෝ ජයග්‍රහණය හිමිකර ගත්තා.

ඔහු හිමිකරගත් ඡන්ද ප්‍රතිශතය සියයට 50 දශම පහක්. කෙසේ වුවද ඔඩින්ගා සදහන් කරන්නේ මැතිවරණ ප්‍රතිඵල තමන් පිළිනොගන්නා බවයි.

නමුත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරණය නිදහස්ව හා සාධාරණය පැවති බවට තීරණය කළා.

විලියම් රූටෝ  උහුරු කෙන්යාටා යටතේ උප ජනාධිපතිවරයා ලෙස ද සේවය කළා.

දිවුරුම් දෙන අවස්ථාවේ දී ඔහු සදහන් කළේ ගැමි පරිසරයක උපත ලබා කෙන්යාවේ ජනාධිපති ධුරයට පත්වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් තමා දෙවියන්ට ස්තූතිවන්ත වන බවයි.

The post කෙන්යාවේ නව ජනාධිපති විලියම් රූටෝ දිවුරුම් දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG