ආණමඩුව පුරාණගම ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලම කොට්ඨාශ විස මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් පුරාණගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කර තිබෙනවා. එහි දී නිලධාරීන් දෙදෙනෙකු වැටලීම සිදු කර ඇති අතර අනෙක් නිලධාරීන් දෙදෙනා සැක සහිත පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂා කර තිබෙනවා. එම පුද්ගලයින් දෙදෙනා සමග තොරතුරක් පරීක්ෂා කිරීම සදහා යමින් සිටිය දී ඊට විරෝධය පළ කල පිරිසක් පොලිස් නිලධාරීන්ට පොලුවලින් සහ මොට ආයුධවලින් පහරදීමක් සිදු කර ඇති අතර පොලිසිය පවසනවා. එම නිලධාරීන් හතර දෙනා බරපතළ තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිස් භාරයේ සිටි සැකකරුවන් දෙදෙනා ද පලා ගොස් තිබෙනවා. පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.
The post පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවේ appeared first on ITN News.
Post a Comment