Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව වාණිජ කේන්ද්‍රයක් කිරීමට ජනපති සැරසෙයි  

Add comments

ඉන්දියානු සාගර කලාපයේ නාවික නිදහස තහවුරු කරමින් ශ්‍රී ලංකාව නාවික වානිජ කේන්ද්‍රයක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ.

2021 වසරේ ආරම්භ කෙරුණු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවයට එක්වීම සදහා එම විද්‍යායතනය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හරසරින් පිළිගනු ලැබුවා.

ජනාධිපතිවරයා විද්‍යායතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අතර විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබීමටයි කටයුතු කළේ.

අධ්‍යයන කටයුතු සම්පූර්ණ කළ විද්‍යාර්ථීන් 31 දෙනෙකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් උපාධි ප්‍රදානය කෙරුණා.

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

The post ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව වාණිජ කේන්ද්‍රයක් කිරීමට ජනපති සැරසෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG