ලොව පුරා රටවලින් දෛනිකව වාර්තාවන කොරෝනා වයිරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයට පමණක් හමුව ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 450,000 කට ආසන්නයි. සිදවු ඇති මරණ සංඛ්‍යාව 1,310 ක්.
ගතවූ පැය 24 ට වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජපානයෙන්. එම සංඛ්‍යාව 65,000 කට ආසන්නයි.
එමෙන්ම දකුණු කොරියාවෙන් 57,000 ක් ජර්මනියෙන් 51,000 ක් හා තායිවානයෙන් 47,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා.
ඊයේ දිනයේදී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ඇමෙරිකාවෙන්. එම සංඛ්‍යාව 290කට ආසන්නයි.
ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටපන්ලක්ෂ විසිදහස ඉක්මවා ගියා.
හමුවී ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හැටඑක්කෝටි හතලිස් හත් ලක්ෂයකට අධිකයි.
The post ලොව පුරා දෛනික කොරෝනා නව ආසාදිතයින්ගේ සංඛ්‍යාව යළිත් වරක් ඉහළට appeared first on ITN News.
Post a Comment