Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබන වසරේදී ජපානයේ සාත්තු සේවක රැකියා 1,000 ක්  

Add comments

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා ජපානයේ සාත්තු සේවක අංශයේ රැකියා දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් ලබන වසරේදී ලබාදීමට, ජපානයේ GTN – Global Trust Network ආයතනය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබෙනවා.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සදහා ජපානයේ සංචාරයක නිතර කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා GTN – Global Trust Network සභාපති Hiroyuki Goto, පුහුණු ශ්‍රමික අංශයේ කළමණාකරු Yuka Kuwahara, ප්‍රමුඛ කළමණාකාරීත්වයේ ඉහළ ම නිලධාරීන් සමග සාකච්ඡා කළ අතර එහිදී, මේ වසර තුළ කඩිනමින් සාත්තු සේවකයින් 150 දෙනෙක් බදවා ගැනීමටද ලබන වසරේදී සාත්තු සේවකයින් දහසක් බදවා ගැනීමටද එකගතාවය පළ කර ඇත.

ජපානය තුළ විදේශ රැකියා පහසුකම් ලබාදෙන ප්‍රමුඛතම ආයතනයක් වන GTN – Global Trust Network ආයතනය මේ වන විට විදේශීය ශ්‍රමිකයින් තුන්ලක්ෂ පනස් දහසකට වැඩි සංඛ්‍යාවකට ජපානය තුළ රැකියා අවස්ථා ලබාදී ඇති අතර, එවැනි ආයතනයක් සමග සම්බන්ධවෙමින් ලංකාවේ ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා විවෘත කිරීමට හැකියාව ලැබීම විශාල ජයග්‍රහණයක් බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසුවේය.

මෙම ආයතනය සමග දීර්ඝ කාලීන අවභෝධතාවයක් යටතේ කටයුතු කිරීමටත්, වාර්ශිකව ලබාදෙන රැකියා කෝටාව වැඩි කරගැනීමටත් කටයුතු කරන බව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළේය.

මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබූ අතර මේ අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු) සෙනරත් යාපා මහතා සහ ජාත්‍යන්තර සම්බන්ධතා උපදේශක ශාන් යහම්පත් මහතාද එක්ව සිටියහ.

The post ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබන වසරේදී ජපානයේ සාත්තු සේවක රැකියා 1,000 ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG