ඉරානයේ හටගෙන ඇති විරෝධතාවලට ඇමෙරිකාව හා ඊශ්‍රායලය සෘජුව වගකිව යුතු බවට ඉරාන ආධ්‍යාත්මික නායකයා චෝදනා කරනවා.
ඉරානයේ ක්‍රියාත්මක විරෝධතා උත්සන්න කිරීමට ඉරානයේ සතුරන් හා ඔවුන්ගේ හිතවතුන් ක්‍රියාකරන බව එරට ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි පවසනවා. ඉදිරි කාලයේදී හටගන්නා මෙවැනි විරෝධතා සාර්ථකව මැඩපැවැත්වීමට සූදානම් වන ලෙසයි ඔහු ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත්තේ. දශක කිහිපයක ඔහුගේ පාලන කාලය තුළදී මෙවැනි බරපතල විරෝධතා හටගත් පළමු අවස්ථාව මෙයයි. විසිදෙහැවිරිදි කාන්තාවක් පොලිස් අත්අඩංගුවේ සිටියදී පසුගිය 13 වනදා ජීවිතක්ෂයට පත්වීම විරෝධතා ආරම්භවීමට හේතුවුණා.
The post ඉරානයේ විරෝධතාවලට ඇමෙරිකාව හා ඊශ්‍රායලය සෘජුව වගකිව යුතුයි – ඉරාන ආධ්‍යාත්මික නායක appeared first on ITN News.
Post a Comment