Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කංසා අපනයනය නීත්‍යානුකූල කිරීම සඳහා වන නීති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි  

Add comments

කංසා ආයුර්වේද නිෂ්පාදනයක් ලෙස නීතිගත කිරීමේ නීති කෙටුම්පත් කර ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

ඊට අදාළ නීති කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කරන බව අමාත්‍යවරයා අවධාරණය කළා.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මෙම අදහස් පළ කළේ ඊයේ(03) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.

ආයුර්වේදය ආයුර්වේද නිෂ්පාදන ලෙස යොදා ගනිමින් ඖෂධ නිෂ්පාදනය කිරීමෙන් ඖෂධීය කංසා සහ එහි නිස්සාරණ සඳහා ගෝලීය වෙළෙඳපොළේ සැලකිය යුතු ඉල්ලුමක් සපුරාලීමට අපට හැකි බවත් නීති කෙටුම්පත් කර ති‍බෙන අතර එය ඉදිරි දිනවලදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා එහිදී සඳහන් කළා.

The post කංසා අපනයනය නීත්‍යානුකූල කිරීම සඳහා වන නීති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG