විෂ රසායනික ද්‍රව්‍ය සමඟ සහල් ඇතුළු ආහාර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් වවුනියාව ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය සිට මීගමුව දක්වා විෂ රසායනික ද්‍රව්‍ය සමග මෙම ආහාර ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් තිබියදීයී ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගැනුනේ. සහල්, කහ, කොත්තමල්ලි ඇතුළු ආහාර ද්‍රව්‍ය තොගයක් මෙසේ විෂ රසායනික ද්‍රව්‍ය තොගයක් සමග ප්‍රවාහණය කරමින් තිබූ බව පොලීසිය පවසනවා. ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ විෂ රසායන හා ආහාර ද්‍රව්‍ය වැඩිදුර පරික්ෂණ සදහා වවුනියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වෙත යොමු කිරීමටයි පියවර ගැනුනේ.
The post විෂ රසායනික ද්‍රව්‍ය සමඟ සහල් ඇතුළු ආහාර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment