ආහාර ප්‍රතිපත්ති කමිටුව ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. තවත් යෝජනා කිහිපයකට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාතය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
නිෂ්පාදකයින්, වෙළෙදුන් හා පාරිභෝගිකයින් අතර විශ්වාසය ගොඩනැගීම හා දිගුකාලීන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම පිණිස ආහාර ප්‍රතිපත්ති කමිටුව ස්ථාපනය කෙරෙනවා. ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අදාළ ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් එම කමිටුව පිහිටුවීමට නියමිතයි.
වාර්ෂිකව රුපියල් බිලියන 4 ක් පමණ වැයකරමින් සිසුන් මිලියන 1.08 ක් ඉලක්ක කර ගනිමින් දිවා ආහාර වැඩසටහන මේ වනවිටත් ක්‍රියාත්මකයි. මෙම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කර තවත් පාසල් සිසුන් මිලියනයකට පමණ පෝෂ්‍යදායී දිවා ආහාරවේලක් ලබාදීම සදහා අවශ්‍ය පියවර ගැනීමට යෝජිතයි.
The post ආහාර ප්‍රතිපත්ති කමිටුව ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය appeared first on ITN News.
Post a Comment