යුද හමුදාව භාවිත කරන කැලෑ ඇදුමින් සැරසී ප්‍රදේශ කිහිපයක කොල්ලකෑම් සිදු කළ පුද්ගලයෙකු කළුතරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මතුගම පයාගල යටදොළ දොඩංගොඩ ඇතුළු ප්‍රදේශ රැසක සිදු වූ කොල්ලකෑම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබුණා.ඒ අනුව කළ පරික්ෂණවලදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණේ. ඔහු ළඟ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ සොරකම් කරන ලද ජංගම දුරකතන, ස්වර්ණාභරණ, රූපවාහනී යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් ද සොයා ගෙන තිබෙනවා.
The post විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment