පැවති තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය: පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසිඇතිවේ.
සුළඟ: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-40) පමණ වේ. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50පමණ දක්වාවැඩි විය හැකි අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60)පමණ දක්වාවැඩි විය හැක.
මුහුදේ ස්වභාවය: පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවිටින් විට රළු වන අතර හම්බන්තොට සිටපොතුවිල් දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු වන අතර විටින් විට ඉතා රළු වේ.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවෙරළටඔබ්බෙන්වනමුහුදුප්‍රදේශවලමුහුදුරළඋස (මීටර්. 2.0 – 2.5ක්පමණ)ඉහළයාමේහැකියාවක්දපවතී.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළටඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල කටයුතු කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
| ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2022-10-05 | |||
| නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
| උපරිම | අවම | උපරිම | අවම | ||
| අනුරාධපුරය | 33 | 25 | 90 | 50 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
| මඩකලපුව | 36 | 25 | 75 | 45 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
| කොළඹ | 30 | 26 | 90 | 70 | වැසි වාර කිහිපයක් |
| ගාල්ල | 29 | 26 | 85 | 75 | වැසි වාර කිහිපයක් |
| යාපනය | 33 | 27 | 90 | 70 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
| මහනුවර | 27 | 22 | 95 | 75 | විටින් විට වැසි |
| නුවරඑළිය | 17 | 14 | 95 | 90 | විටින් විට වැසි |
| රත්නපුරය | 29 | 24 | 95 | 80 | විටින් විට වැසි |
| ත්‍රිකුණාමලය | 34 | 25 | 85 | 50 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
| මන්නාරම | 31 | 27 | 90 | 70 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
The post පැවති තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් appeared first on ITN News.
Post a Comment