පසුගිය මාසයේ දී පාකිස්තානය මුහුණ දුන් ගංවතුරෙන් පසු මේ වනවිට තත්ත්වය නිමාවක් නොමැති යුද ගැටුමක් ලෙස අර්ථ දැක්විය හැකි බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
පසුගිය මාසයේදී පාකිස්තානයට බලපෑ ගංවතුරෙන් එරට රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන දෙදහසකට අධික සංඛ්‍යාවක් හානිවී හෝ සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා.
කුඩා දරුවන් මන්දපෝෂණයට මුහුණදී සිටින අතර ජලය ආශ්‍රිතව ව්‍යාප්ත වන රෝග ශිඝ්‍රයෙන් පැතිර යන බවයි වාර්තා වන්නේ.
පාකිස්තානයට හදිසි ආධාර ලබාදෙන ලෙස ජගත් සංවිධානය ද ලොව බලවත් රටවලින් ඉල්ලීමක් සිදුකළා.
කොරෝනා වයිරස ව්‍යාප්තිය සිදුවූ සමයටත් වඩා මේ වනවිට පාකිස්තානයේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදකාරී තත්ත්වයට මුහුණ දී සිටින බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.
ගංවතුරෙන් වැඩිම හානි සින්දා පළාතට සිදුවූ අතර එම පළාතෙන් සියයට 75 ක පමණ ප්‍රදේශයක් තවමත් ජලයෙන් යටව පවතිනවා.
එම ප්‍රදේශයන්හි ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා සෞඛ්‍ය පහසුකම් ලබාදීමට නොහැකිවීම හේතුවෙන් තත්ත්වය බරපතල අතට හැරී ඇති බවයි වාර්තා වන්නේ.
The post පාකිස්තානය මුහුණ දුන් ගංවතුරෙන් පසු නිමාවක් නොමැති යුද ගැටුමක appeared first on ITN News.
Post a Comment