Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිමාල කඳුවැටියේ නායයාමකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඉන්දියාවේ හිමාල කඳුවැටියේ සිදුවූ හිමකඳු නායයාමකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රාන්තයේ හිමාල කඳු ආශ්‍රිත ප්‍රදේශයේදීයි මෙම නායයාම සිදුව ඇත්තේ.

හිම කඳු තරණය කිරීම සදහා පුහුණුවීම් කටයුතුවල නිරතව සිටි පිරිසක් මෙම නායයාමට මුහුණපා තිබෙනවා.

පුහුණුකරුවන් 7 දෙනෙකු හා පුහුණුව ලැබීමට පැමිණ සිටි 34 දෙනෙකු එම කඳවුරේ සිටි බවයි වාර්තා වන්නේ. පුද්ගලයින් 8 දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්වී ඇති අතර අනෙක් පිරිස සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අයහපත් කාලගුණයෙන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට දැඩි බලපෑම් එල්ලවී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් මෙම හිම කඳු කඩාවැටීමට මුහුණ දී ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 5,670 ක් පමණ උසකදී බව සහන කණ්ඩායම් සදහන් කරනවා.

The post හිමාල කඳුවැටියේ නායයාමකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG