Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාගරික සංවර්ධන අධිකාරිය සංවර්ධන බලපත්‍ර කඩිනම් කිරීම සඳහා නව වැඩපිළිවෙලක්  

Add comments

නාගරික සංවර්ධන අධිකාරිය සංවර්ධන බලපත්‍ර කඩිනම් කිරීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.

වන් ස්ටොප් ෂොප් නමැති මෙම වැඩසටහන ලබන  මාසයේ සිට හඳුන්වා දෙන බවයි එම අධිකාරිය පවසන්නේ.

නාගරික සංවර්ධන අධිකාරිය සතුව එහෙත් ප්‍රයෝජනයට නොගත් හඳුනාගත් ඉඩම් අක්කර සංඛ්‍යාව 1008 ක්.

ඊට අදාළ ව්‍යාපෘතිවල වටිනාකම ඇමෙරිකා ඩොලර් මිලියන 195 ක් වනවා.

ඉන් අපේක්ෂිත සෘජු හා වක්‍ර රැකියා සංඛ්‍යාව 12,000 ත් 15,000 අතර වන බවයි නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ.

එම අධිකාරිය මගින් මේ වන විට අවසන් කර ඇති නගර සැළසුම් සංඛ්‍යාව 21 ක්. ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව අට ලක්ෂ පනස් හය දහසක්.

අඩු ආදායම් ලාභී නිවාස 25,000 ක් සදහා සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකයි.

හිමිකම් ඔප්පු 30,000 ක් වසර දෙකක් තුළ ලබාදීමට ද සැළසුම් කර ඇති බවයි එම අධිකාරිය සදහන් කරන්නේ.

 

The post නාගරික සංවර්ධන අධිකාරිය සංවර්ධන බලපත්‍ර කඩිනම් කිරීම සඳහා නව වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG