Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුනෙස්කෝ 2022 බාලිකා හා කාන්තා අධ්‍යාපන ත්‍යාග ප්‍රදාන උත්සවයට Peng Liyuan ගෙන් සුබ පැතුම්  

Add comments

ඊයේ (11) පැරිස් හි පැවති යුනෙස්කෝ 2022 බාලිකා හා කාන්තා අධ්‍යාපන ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයට බාලිකා හා කාන්තා අධ්‍යාපනය පිළිබඳ යුනෙස්කෝ විශේෂ තානාපතිනී, චීන ජනාධිපති ආර්යා, Peng Liyuan මහත්මිය සුබ පැතුම් පිරිනැමුවාය‍.

බාලිකා හා කාන්තා අධ්‍යාපනය මානව සමාජයේ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට වැදගත් වන බව Peng Liyuan මහත්මිය පෙන්වා දුන්නාය.

බාලිකා හා කාන්තා අධ්‍යාපනය කෙරෙහි චීනය ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දෙන අතර, ආර්ථික හා සමාජ සංවර්ධනයේ චීන කාන්තා ශක්තිය හා දායකත්වය ද අඛණ්ඩව වැඩි දියුණු වෙමින් පවතින බව ද ඇය පැවසුවාය.

ලෝක තිරසර සංවර්ධනය හා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා, සැවොම සමග එක්ව වඩා සාධාරණ, විවෘත හා උසස් මට්ටමේ බාලිකා හා කාන්තා අධ්‍යාපනය පොදුවේ පෙළඹවීමට තමා කැමැත්තෙන් පසු වන බව ද Peng Liyuan මහත්මිය අවධාරණය කළාය‍.

The post යුනෙස්කෝ 2022 බාලිකා හා කාන්තා අධ්‍යාපන ත්‍යාග ප්‍රදාන උත්සවයට Peng Liyuan ගෙන් සුබ පැතුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG