Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අඛණ්ඩව තුන්වන වරටත් වසර 5 ක ජනාධිපති ධුර කාලය ෂී ජින් පින්ට ?  

Add comments

අඛණ්ඩව තුන්වන වරටත් වසර 5 ක ජනාධිපති ධුර කාලය ෂී ජින් පින්ට ලබාදීමට චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය සූදානම් වන බවට වාර්තා පළවනවා.

මෙවර කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය ලබන 16 වනදා බීජිං අගනුවරදී ආරම්භවීමට නියමිතයි. එහිදී ජනාධිපති ෂී ජින් පින්ගේ ධුර කාලය තවත් වසර 5 කින් දීර්ඝ කිරීමට කොමියුනිස්ට් පක්ෂයේ එකගතාව හිමිව ඇති බවට මාධ්‍ය වාර්තා පළවනවා.

70 දශකයේ දී චීනය පාලනය කළ මාවෝ සේතුංගෙන් පසු චීනයේ බිහිවූ බලවත්ම නායකයා ලෙසයි ෂී ජින් පින්ග් සැලකෙන්නේ.

ජනාධිපති ධුරය දැරීමේ අවස්ථාව ධුර කාල දෙකකට සීමා කර තිබූ තීරණය ඉවත් කර ඕනෑම වාර ගණනක් එරට ජනාධිපති ධුරය දැරිය හැකි වන ලෙස 2018 වසරේ දී නීති සංශෝධනය කරනු ලැබුවා.

ඒ අනුව ජනාධිපති ෂී ජින් පින්ග්ට ජීවිතකාලයේම ධුරය හෙබවීමේ හැකියාව හිමිවුණා.

මේ වනවිටත් ඔහු චීනයේ බලවත්ම තනතුරු තුනක් හොබවනවා. ජනාධිපති ධුරය, කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් ධුරය හා චීනයේ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ධුරය ඊට අයත්.

අසීමිත බලයක් හිමි උත්තරීතර නායකයෙක් ලෙසයි ෂි ජින් පින්ග්ව හැදින්වෙන්නේ.

 

The post අඛණ්ඩව තුන්වන වරටත් වසර 5 ක ජනාධිපති ධුර කාලය ෂී ජින් පින්ට ? appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG