ලොව පුරා රටවලින් ඊයේ දිනයේ දී හමුවී ඇති සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දෙදහසකට ආසන්න බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.
ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 228 කින් සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 606 ක්. ඊයේ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වන 96 සිදුව ඇත්තේ රුසියාවෙන්.
ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටපන් ලක්ෂ හැටදෙදහසකට ආසන්න වනවා.
එමෙන්ම ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ තායිවානයෙන්.
එම සංඛ්‍යාව තිස්දෙදහසකට ආසන්නයි. ඒ සමගම එරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හැටනව ලක්ෂය ඉක්මවා ගියා.
ලොව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හැටදෙකෝටි ඇටඅට ලක්ෂ පනස්දහසකට ආසන්නයි.
The post ගතවූ පැය 24 ට වැඩිම කොරෝනා මරණ රුසියාවෙන් appeared first on ITN News.
Post a Comment