ගාලු මුවදොර පැවති උද්ඝෝෂණයේදී දරුවන්ට පහර දුන් බවට ප්‍රකාශ කරමින් රෝහල්ගත කළ දරුවන් සියලු දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ සිටින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී විජේසූරිය මහතා අවධාරණය කරනවා.
උද්ඝෝෂණ වැනි අවස්ථාවන්වලට දෙමව්පියන් විසින් දරුවන් සහභාගී කර ගැනීම කණගාටුදායක තත්ත්වයක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
පසුගිය කාලයේ ගාලුමුවදොර පැවති අරගලය ඇතුළු රට පුරා පැවති උද්ඝෝෂණවලට සහභාගී වී සිටියදී මිය ගිය පිරිස් සිහි කිරීමේ සැමරුම් උත්සවයක් ගාලුමුවදොරදී ඊයේ පැවැත්වුණා. එම අවස්ථාවට සහභාගී වූ දෙමව්පියන් විසින් දරුවන් ද ඊට සහභාගී කරවූ ආකාරය මාධ්‍ය මගින් වාර්තා කළා. උද්ඝෝෂකයින් සහ පොලිසිය අතර ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයේදී දරුවන්ට ප්‍රහාර එල්ලවූ බව පවසමින් ඔවුන් රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.
The post ගෝල්ෆේස් උද්ඝෝෂණයේදී කිසිදු දරුවෙකුට කිසිදු හානියක් වෙලා නැහැ – ළමා රෝහල් අධ්‍යක්ෂකගෙන් සහතිකයක් appeared first on ITN News.
Post a Comment