එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රුසියාවට එරෙහිව ඉදිරිපත් කරන යෝජනාවට ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව වාර්තා වනවා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යුක්රේනයේ කලාප හතරක් අත්පත් කර ගැනීමට දරණ උත්සාහය හෙළා දැකීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඊට සාමාජික රටවල් අතර ඡන්දයක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
සාමාජික රටවල් 143 කගේ සහාය මීට ලැබී ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රීලංකාව, චීනය, පාකිස්තානය සහ ඉන්දියාව ඇතුළු රටවල් 35 ක් ඊට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී තිබෙනවා.
The post රුසියාවට එරෙහි යෝජනාවට ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකෙයි appeared first on ITN News.
Post a Comment