දරුවන් ආරක්ෂා කර ගැනීම රජයක ප්‍රමුඛ වගකීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
ළමා අයිතිවාසිකම් සුරැකීම හා ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාලිවලට ගෙන යාම රටේ නීතිය අනුවද බරපතළ වරදක් බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
දරුවන් පෙළපාලිවලට රැගෙන යාම වැළැක්වීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලීසියට උපදෙස් ලබා දුන්නා.
ශ්‍රී ලංකා පොලීසියට හා ළමා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් වන ආයතනවලට දරුවන් සුරැකීම සම්බන්ධයෙන් වන වගකීම් පැවරීමද මෙහිදී සිදු වුණා.
ළමයින් ලිංගික කටයුතු සදහා යොදා ගැනීමට එරෙහිව හා ඔවුන්ගේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතක් කඩිනමින් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළා.
The post දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාලිවලට ගෙන යාම බරපතළ වරදක් appeared first on ITN News.
Post a Comment