වෙනිසියුලාවේ සංක්‍රමණිකයන් පැමිණීම සීමා කිරීම සදහා පොදු ගිවිසුමකට එකළඹීමට ඇමෙරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව කටයුතු කර තිබෙනවා.
මෙම ගිවිසුමට අනුව අනවසරයෙන් ඇමෙරිකාවට මෙක්සිකෝව හරහා ඇතුළු වීමට උත්සාහ කළ වෙනිසියුලා ජාතිකයන් ආපසු මෙක්සිකෝව වෙත යැවීම සිදු වනවා.
ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ පවතින තදබදකාරී තත්ත්වය පාලනය කිරීමට මෙම ක්‍රියාමාර්ගය ඉවහල් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. පසුගිය වසර පහක කාලය තුලදී වෙනිසියුලාවේ සිට අනවසරයෙන් ලක්ෂ පනහකට වැඩි පිරිසක් සංක්‍රමණය කර තිබෙනවා.
The post වෙනිසියුලා සංක්‍රමණිකයන් සීමා කිරීමට ඇමෙරිකාව සහ මෙක්සිකෝවපොදු ගිවිසුමකට එළඹෙයි appeared first on ITN News.
Post a Comment