Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්රේන මිසයිල ආක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට නේටෝ සංවිධානයට අයත් රටවල් තීරණය කරයි  

Add comments

යුක්රේනයේ මිසයිල ආක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට නේටෝ සංවිධානයට අයත් රටවල් තීරණය කර තිබෙනවා.

රුසියාවෙන් එල්ල වන දැඩි ප්‍රහාර මාලාවක් හමුවේ මිසයිල ආරක්ෂණ පද්ධතිය නවීකරණය කර යුක්රේනයේ ආරක්ෂාව දැඩි කිරීමටයි නේටෝ රටවල් තීරණය කර ඇත්තේ.

මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ප්‍රංශය සහ නෙදර්ලන්තය නවීනතම මිසයිල ආරක්ෂණ පද්ධති සහ රේඩාර් උපකරණ යුක්රේනයට ලබා දීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයද නවීනතම අවි පද්ධතියක් යුක්රේනයට ලබාදීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

ජර්මනිය දැනටමත් අධි තාක්ෂණික මිසයිල ආරක්ෂණ පද්ධතියක් යුක්රේනයට ලබා දී තිබෙනවා. මෙම ආධාර ලබාදීම සම්බන්ධයෙන් නේටෝ රටවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සමුළුවක්ද පැවැත්වුණා.

 

 

 

The post යුක්රේන මිසයිල ආක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට නේටෝ සංවිධානයට අයත් රටවල් තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG