චීනයේ ඉලෙක්ට්‍රොනික චිප් නිෂ්පාදන කර්මාන්තය පාලනය කිරීම සදහා නව නීති හදුන්වාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා.
1990 දශකයේ සිට ඇමෙරිකා තාක්ෂණය චීනයට විවෘත කිරීමට ඇමෙරිකා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණා. මෙය ආපසු හැරවීම නව නීතිමාලව තුලින් සිදුවන බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ. මෙම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගය චීනයට දැඩි පහරක් වනු ඇති බවද ඔවුන් සදහන් කරනවා.
ඇමෙරිකා බුද්ධිමය හිමිකම් සහිත ඇතැම් අර්ධ සන්නායක චිප් වර්ග චිනයේ පමණක් නොව වෙනත් රටවල ද චීන දායකත්වයකින් යුතුව සිදු කිරීමට ඉඩ නොදෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. චීනය තම තාක්ෂණය භාවිත කරමින් අර්ධ සන්නායක වර්ග ඉදිරියටත් නිෂ්පාදනය කළද නවීනතම තාක්ෂණය ලබා ගැනීමේදී ඔවුනට ගැටලුවකට මුහුණ පෑමට සිදුවනු ඇති.
The post චීනයේ ඉලෙක්ට්‍රොනික චිප් නිෂ්පාදන කර්මාන්තය පාලනය කිරීම සඳහා නව නීති appeared first on ITN News.
Post a Comment