Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අමිතාබ් බච්චන්ගේ 80 වැනි උපන් දිනය නිමිත්තෙන් ඡායාරූප ප්‍රදර්ශනයක්  

Add comments

ලබන 11 වැනිදාට යෙදෙන ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන්ගේ 80 වැනි උපන් දිනය නිමිත්තෙන් මෙතෙක් ප්‍රසිද්ධ නොවූ ඡායාරූප ගණනාවක් ඇතුළත් ප්‍රදර්ශනයක් හා සිනමා දැක්මක් සංවිධාන කර තිබෙනවා.

අද ඇරඹුණු මෙම ඡායාරූප ප්‍රදර්ශනය හා සිනමා දැක්ම ඉන්දියාවේ නගර 17ක දී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. අමිතාබ් බච්චන්ගේ සිනමා ජීවිතයේ වැදගත් අවස්ථාවන් නිරූපණය කෙරෙන දුර්ලබ ඡායාරූප 50ක් පමණ මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වෙනවා.

මෙම ඡායාරූප සංරක්ෂණය කර ඇත්තේ එස් එම් එම් ඔ්සජා නමැති චිත්‍රපට ඉතිහාස සංරක්ෂකයෙකු විසිනුයි. අමිතාබ් බච්චන් 1942 වසරේ දී අලහබාද් නගරයේ දී උපත ලැබූ අතර ඉන්දීය සිනමා ඉතිහාසයේ බිහි වූ වඩාත් බලපෑම් සහගත ම    රංගන ශිල්පියා වශයෙන් ද ඔහු හැදින්වෙනවා.

 

 

 

 

The post අමිතාබ් බච්චන්ගේ 80 වැනි උපන් දිනය නිමිත්තෙන් ඡායාරූප ප්‍රදර්ශනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG