Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හයිටිය විදේශ හමුදාවල සහය ඉල්ලයි  

Add comments

හයිටි රාජ්‍යයේ ඇති වී තිබෙන දැඩි බිහිසුනු ක්‍රියා පාලනය කිරීමට විදේශ හමුදාවේ සහාය ලබා දෙන්නැයි එරට රජය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

විවිධ අපරාධ කල්ලි අතර ඇති වී තිබෙන ගැටුම් සහ බිහිසුනු ක්‍රියා හේතුවෙන් හයිටි රාජ්‍යයේ ජන ජීවිතය දැඩි ලෙස අස්ථාවර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම මානුෂික අර්බුදයෙන් ගැලවීම සදහා විදෙස් රටවල සහාය ඉතා ඉක්මනින් අවශ්‍ය වන බව හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි සදහන් කළා.

ඇමෙරිකා එක්සත් ජනපදය සිය පුරවැසියන්ට හැකි ඉක්මනින් හයිටියෙන් පිටත් වන ලෙසට දැනුම් දිමක් සිදුකර තිබෙනවා. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් හයිටි රාජ්‍යය තමන්ගෙන් මෙතෙක් නිල ඉල්ලීමක් සිදු කර නොමැති බවයි.

 

 

 

The post හයිටිය විදේශ හමුදාවල සහය ඉල්ලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG