ස්ථාන කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
යාපනය, අරියාලේ ප්‍රදේශයේ දී දුම්රිය හරස් මාර්ගයක අනාරක්ෂිතව පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වුණා. වයස අවුරුදු 78 ක් වන මෙම පුද්ගලයා යාපනයේ පදිංචිකරුවෙක්.
මීගහතැන්න ලිහිනියාව මහවංගුව අසලදී බස් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගියා. ඔහු වයස අවුරුදු 37ක් වන වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනුණා.
දඹුල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් නතරකර තිබූ ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වුණා. ඔහු දඹුල්ල පැල්වෙහෙර ප්‍ර දේශයේ පදිංචි වයස අවුරුදු 41ක පුද්ගලයෙක්.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් වයස අවුරුදු 55ක පුද්ගලයෙකු මියගියා. කොළඹ දෙසට ගමන් කරමින් තිබූ කුඩා ලොරි රථයක් එම දිශාවටම ගමන් කරමින් තිබූ බවුසර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. මිය ගිය පුද්ගලයා අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
The post ස්ථාන කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment