Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

16 වන ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි  

Add comments

16 වන ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප් වහන්සේ ස්වර්ගස්ථ වුණා. උන්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන පස් වනදා සිදු කිරීමට නියමිතයි.

වසර 598කට පසු සිය ධූරයෙන් ඉල්ලා අස්වූ පාප් වහන්සේ නමක් ලෙසටයි උන්වහන්සේ ඉතිහාසයට එක්ව තිබෙන්නේ.

*ඩබ්**විසිආර්*

දීර්ඝ කලක් අසනීප තත්ත්වයෙන් පසු වූ 16වන බෙනඩික් පාප් වහන්සේ ස්වර්ගස්ථ වන විට 95 හැවිරිදි වියේ පසුවුනා. වතිකානයේ සිය වාසස්ථානයේදී උන් වහන්සේ ස්වර්ගස්ථ වී තිබෙනවා. 2013 වසරේදී 16 වන බෙනඩික් පාප් වහන්සේ අසනීප තත්ත්වය හේතුවෙන් පාප් ධූරයෙන් ඉල්ලා අස් වුණා.

1415 වසරෙන් පසු පාප් වහන්සේ නමක් මෙලෙස ඉල්ලා අස් වූයේ ප්‍රථම වරටයි. සිය ජීවිතයේ අවසන් සමයේදී වතිකානයේ දේවස්ථානයක කල් ගත කළා.

වර්තමාන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සදහන් කළේ තමන් අවස්ථා කිහිපයකදීම හිටපු පාප් වහන්සේගේ සුවදුක් විමසීම සදහා ගිය බවයි. ජර්මනියේදී උපත ලැබූ හිටපු පාප් වහන්සේ 2005 වසරේදී පාප් ධූරයට පත් වුණා. ඒ 78 හැවිරිදි වියේදී.

මේ අතර ස්වර්ගස්ථ ශුද්ධෝත්තම හිටපු පාප් වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන 5 වනදා වත්මන් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. වතිකානය පවසන්නේ උන්වහන්සේගේ දේහය ශාන්ත පීතර බැසිලිකාවේ ලබන 2වනදා සිට තැන්පත් කර තබන බවයි. ලොව පුරා රාජ්‍ය නායකයන් උන්වහන්සේගේ වියෝව සම්බන්ධයෙන් ශෝකය පළකර තිබෙනවා. 

16 වන බෙනඩික් පාප් වහන්සේ 2012 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මුණගැසුනා. මහින්ද රාජපක්ෂ මහතා සහ එම මහත්මිය වතිකානයේ කළ සංචාරයක් අතරතුරදී බෙනඩික් පාප්වහන්සේ මුණගැසුණේ.

රටතුළ පැවති යුද්ධයෙන් පසු සංහිදියාව ඇතිකර ගැනීම පිළිබදව පාප් වහන්සේ හිටපු ජනාධිපතිතුමා සමග අදහස් රැසක් හුවමාරු කර ගත්තා. කතෝලික පල්ලිය මගින් මෙරට ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කළ හැකි කාර්ය භාරය පිළිබදව ද එහිදී පාප් වහන්සේ සාකච්ඡා කළා.

 

The post 16 වන ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG