Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පළමුවරට සිදුවූ නව නිවුන් දරු උපතේ දරුවන් මාස 19 කට පසු ගෙදර යයි  

Add comments

ලොව පළමුවරට සිදුවූ නව නිවුන් දරු උපතේ දරුවන් මාස 19 කට පසු රෝහලේ සිට නිවෙස බලා පිටත්ව ගියා.

මාලි රාජ්‍යයේ 27 හැවිරිදි හලිමා සිසේ නැමැති කාන්තාවක් මෙම දරුවන්ගේ මව වනවා.

පසුගිය වසරේ මැයි මාසයේදී මෙම දරුවන් 9 දෙනා උපත ලැබුවේ මොරොක්කෝවේ දීයි.

මාලි රාජ්‍යයේ වෛද්‍ය පහසුකම් අඩු බැවින් ඇය දරු ප්‍රසූතිය සඳහා මොරොක්කොවට ගිය අතර එහිදී සිදුකළ සිසේරියන් සැත්කමකින් එම දරුවන් බිහිකර තිබුණා. ගැහැණු දරුවන් 5 දෙනෙකු හා පිරිමි දරුවන් 4දෙනෙකු ඇය මෙසේ ප්‍රසූත කළා.

දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින් යළි සිය උපන් රටට යැවීමට තීරණය කළ බවයි වෛද්‍යවරු පවසන්නේ.

මාලි රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තම රජය අඛණ්ඩව එම පවුලට සහයෝගය දක්වන බවයි.

 

The post ලොව පළමුවරට සිදුවූ නව නිවුන් දරු උපතේ දරුවන් මාස 19 කට පසු ගෙදර යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG