Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2023 දී බ්‍රිතාන්‍යය වාර්තාගත රත්වීමක් වෙන ලකුණු  

Add comments

2022 වසරට සාපේක්ෂව 2023 වසරේ බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය ඉහළ යා හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු අගවනවා.

එළඹෙන වසරේ බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය වාර්තාගත මට්ටමකට පැමිණිය හැකි බවට එරට කාලගුණ අංශ අනාවැකි පළකරනවා. උෂ්ණත්වයේ සාමන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක එකකින් උෂ්ණත්වය අඛණ්ඩව ඉහළ ගිය 10 වන වසර බවට එළඹෙන වසර පත්වනු ඇති බවටයි හෙළිව ඇත්තේ. පරිසරය සිසිල් වීමට බලපාන ලා නීනා තත්ත්වය බ්‍රිතාන්‍යයෙන් බැහැරට යමින් පවතින බව කාලගුණ අංශ සදහන්කරනවා. එමෙන්ම උෂ්ණත්වය ඉහළ යාමට බලපාන මිනිස් ක්‍රියාකාරකම් ඉහළ යාමද මීට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ. 1750 වසරේ කාර්මික විප්ලවය ආරම්භවීමෙන් පසු පොසිල් ඉන්ධන දහනය හරහා වායුගෝලයට නිකුත් කෙරෙන කාබන් ප්‍රමාණය ඉහළ ගිය අතර ඒ හරහා හටගත් කාලගුණික විපර්යාස මේ වනවිට මිනිස් පාලනයෙන් ගිලිහී ගොස් තිබෙනවා.

 

 

 

 

 

The post 2023 දී බ්‍රිතාන්‍යය වාර්තාගත රත්වීමක් වෙන ලකුණු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG