Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුවන් යානයක් දැඩි සෙලවීමකට ලක්වීමෙන් 36 දෙනෙකුට තුවාලයි  

Add comments

හවායි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් උඩුගුවනේ දී එක්වරම දැඩි සෙලවීමකට ලක්වීම හේතුවෙන් පුද්ගලයින් 36 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ෆීනික්ස් සිට හොනලුලු  දක්වා ගමන් කරමින් තිබු ගුවන් යානකුයි මෙම අනතුරට ලක්වුණේ. මෙම ගුවන් යානය හොනලුලු වෙත ගොඩ බෑමට මිනිත්තු 30ක් පමණ තිබිය දී ඉහළ අහසේ දී එක්වරම දැඩි සෙලවීමකට ලක්ව තිබෙනවා. තුවාල ලැබු මඟීන් 11 දෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග පවසනවා. ගුවන් යානයේ සිටි මඟීන් වැඩි දෙනෙකුගේ හිසට තුවාල සිදුව ඇති අතර බොහෝ දෙනෙකු සිහිසුන්වී ඇති බවටයි වාර්තා වුණේ. කෙසේවෙතත් මේ පිළීබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

 

 

 

The post ගුවන් යානයක් දැඩි සෙලවීමකට ලක්වීමෙන් 36 දෙනෙකුට තුවාලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG