Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිම කුණාටු හේතුවෙන් ඇමෙරිකාවේ සහ කැනඩාවේ ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 38 දක්වා ඉහළට  

Add comments

ඇමෙරිකාවට හා කැනඩාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 38 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නිව්යෝර්ක් ප්‍රාන්තයේ බෆලෝ ප්‍රදේශය හිම කුණාටුවෙන් වැඩිම බලපෑමට ලක්ව ඇති අතර එම ප්‍රදේශයේ පමණක් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. කැනඩාවේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බස් රථයක් අනතුරට ලක්වීම හේතුවෙන්. මිලියන 1.7කට පමණ විදුලි බලය නොමැති අතර ගුවන් ගමන් වාර දහස් ගණනක් අත්හිටුවීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මිලියන 55කට වැඩි පිරිසකට අවදානම් නිවේදන නිකුත් කිරීමටයි ඇමෙරිකා කාලගුණ අංශ පියවර ගෙන ඇත්තේ.

 

 

 

 

The post හිම කුණාටු හේතුවෙන් ඇමෙරිකාවේ සහ කැනඩාවේ ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 38 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG