Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලාංකිකයෙකුට පළමු වරට ඔස්ට්‍රේලියාවේ තානාපති ධූරයක්  

Add comments

ඕස්ට්‍රේලියාවේ සිම්බාබ්වේ තානාපතිනිය ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මිනෝලි පෙරේරා මහත්මිය පත්කර තිබෙනවා. ශ්‍රී ලාංකිකයෙකු ඕස්ට්‍රේලියාවේ මෙවැනි පත්වීමක් ලද ප්‍රථම අවස්ථාව මෙය වනවා.

මෙම නව පත්කිරීමත් සමග ඇය ශ්‍රී ලංකාවේ උපත ලබා ඕස්ට්‍රේලියානු රජයෙන් පත්වීමක් ලද ප්‍රථම ඕස්ට්‍රේලියානු තානාපතිනිය ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. එමෙන්ම ඒ මහත්මිය කොංගෝ,  මාලාවි සහ සැම්බියා යන රාජ්‍ය වල තානපතිවරිය ලෙසද කටයුතු කිරීමට ද නියමිතයි. ශ්‍රී ලංකාවේ උපත ලද මිනෝලි පෙරේරා මහත්මිය දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඇය මීට පෙර ඕස්ට්‍රේලියා විදේශ කටයුතු හා වෙළද දෙපාර්තමේන්තුවේ ද සේවය කර තිබෙනවා. එමෙන්ම බීජිං සහ නිව්යෝකර් ඇතුලු විදේශ නගර රැසකම සේවය නිරතව සිට තිබෙනවා.

 

 

The post ශ්‍රී ලාංකිකයෙකුට පළමු වරට ඔස්ට්‍රේලියාවේ තානාපති ධූරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG