Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අවුන්සාන් සුකීට තවත් වසර 7ක සිරදඬුවමක්  

Add comments

මියන්මාර හමුදා අධිකරණය හිටපු මියන්මාර නායිකා අවුන්සාන් සුකීට තවත් වසර 7ක සිරදඬුවම් නියම කළා.

ඒ අනුව ඇයගේ සිර දඬුවම් විදිම සමස්ත කාලය වසර තිස්තුනක් වනවා. 2021 වසරේ පෙබරවාරි මාසයේදී අවු සාන් සුකීගේ රජය හමුදා කුමන්ත්‍රණයකින් පෙරළාදැමීම සිදුවුණා. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත්වූ අවුසාන් සුකී එහිදී නිවාස අඩස්සියට පත්වුණා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඇයව නිදහස් කරන ලෙස පසුගිය සතියේ ඉල්ලා සිටියා. එහෙත් හමුදා රජය අවුන්සාන් සුකිට විරුද්ධව අපරාධ දාහතරක් සම්බන්ධයෙන් දඬුවම් නියම කළා. නොබෙල් ත්‍යාගලාභී අවුන්සාන් සුකි මේ වන විට 77 වන වියේ පසු වනවා.

The post අවුන්සාන් සුකීට තවත් වසර 7ක සිරදඬුවමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG