Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා ධනවතුන් රැගත් “ඕෂන් ඔඩිසි” ත්‍රි’මලය වරායෙන් කාම්බෝජය බලා පිටත්ව යයි  

Add comments

මෙරට සංචාරක ක්ෂේත්‍රයට විශේෂ දායකත්වයක් දෙමින් ඇමෙරිකාවේ ධනවත්ම සංචාරකයින් 108 දෙනා රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි ඕෂන් ඔඩිසි නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් කාම්බෝජය බලා අද පිටත්ව ගියා.

ඕෂන් ඔඩිසි නෞකාව ශ්‍රී ලංකාවට සේන්දු වූයේ පසුගිය ඉරිදා දිනයේයි.

ඇමෙරිකා සමාගමකට අයත් ඕෂන් ඔඩිසි නෞකාව දිගින් මීටර් 105 ක් සහ පළලින් මීටර් 18.5 කින් යුක්තයි.

කොරෝනා මෙන්ම ආර්ථික අර්බුදය ඇතුළු ගැටලු රැසක් හමුවේ පසුබෑමට ලක්ව ඇති සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට මෙම නෞකාවේ පැමිණීම විශේෂ බලපෑමක් සිදු කළා.

නෞකාවේ පැමිණි සංචාරකයින් කොළඹ, කුරුණෑගල, හබරන, සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය සඳහා එක් වුණා.

ඕෂන් ඔඩිසි නෞකාව ත්‍රිකුණාමල වරායට යාත්‍රා කෙරුණු අතර ඇමෙරිකා සංචාරකයින් සමින් නෞකාව කාම්බෝජය බලා අද පිටත්ව ගියා

 

 

The post ඇමෙරිකා ධනවතුන් රැගත් “ඕෂන් ඔඩිසි” ත්‍රි’මලය වරායෙන් කාම්බෝජය බලා පිටත්ව යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG