Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රස්ල්ස් නුවර ඇතුළු නගර රැසක විරෝධතා  

Add comments

යුරෝපා සංගමයට අයත් රටවල ජීවන වියදම ඉහළ යාමට විරෝධය දක්වමින් විශාල පිරිසක් බ්‍රසල්ස් නුවර දී විරෝධතාවක් පළකළා.

බෙල්ජියම සහ යුරෝපා සංගමයට අයත් රටවල් රැසක පවතින ඉහල උද්ධමනය, බලශක්ති මිල ඉහළ යාම සහ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව ආරම්භ කර තිබෙනවා. බෙල්ජියම් අගනුවරට විරෝධතාකරුවන් දහසය දහසකට වැඩි පිරිසක් එක් ව සිටිනවා. බ්‍රස්ල්ස් නුවර ඇතුළු නගර රැසක මෙම විරෝධතාව ක්‍රියාත්මකයි. ඇතැම් වෘත්තිය සමිති ද මෙම විරෝධතා සඳහා එක්ව සිටිනවා. බ්‍රසල්ස් නුවර ගුවන්තොටුපළේ ගුවන් ගමන් ද අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ. යුක්රේන රුසියා යුද්ධය සහ කොවිඩ් 19 ‍හේතුවෙන් ඇති වු ආර්ථික ආතතිය හේතුවෙන් යුරෝපයේ ගෑස් සහ විදුලි මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය මාසයේ දී බෙල්ජියමේ උද්ධමන අගය 10.63%ක් දක්වා ඉහළ ගොස් තිබු අතර සමස්ත යුරෝපා කලාපයේ පාරිභෝගික උද්ධමනය 10% ක් පමණ ඉහළ ගොස් තිබෙනවා.

 

 

The post බ්‍රස්ල්ස් නුවර ඇතුළු නගර රැසක විරෝධතා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG