Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්රේනයේ සිටින රුසියා හමුදාවට වැඩිදුර සේවා සපයන්න – පුටින්  

Add comments

යුක්රේනයේ සිටින රුසියා හමුදා කණ්ඩායම් සදහා වැඩිදුර සේවා සැපයීම සිදු කරන ලෙසට රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් සිය හමුදා නායකයන්ට දැනුම් දී තිබෙනවා.

රුසියා හමුදා භාරයට ගෙන ඇති යුක්රේන ප්‍රදේශ ගිලිහී නොයෑමට ඉඩ නොතැබිය යුතු බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

යුක්රේන යුද්ධය ඓතිහාසික මොහොතක් ලෙස හදුන්වා දුන් පුටින් බටහිර බලවේගවලට එරෙහිව ක්‍රියාත්මක කරන දැවැන්ත යුද්ධයක් ලෙසද හදුන්වා දී තිබෙනවා.

රුසියාවේ ආයුධ නිෂ්පාදනය කරන ප්‍රධාන මධ්‍යස්ථානයක සංචාරයක නිරත වෙමිනුයි රුසියා ජනාධිපතිවරයා හමුදා ප්‍රධානීන් අමතා තිබෙන්නේ. කෙසේ වෙතත් පසුගිය පෙබරවාරි මාසයේ යුක්රේන ආක්‍රමණයේ සිට රුසියා හමුදා සෙබලුන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

 

 

The post යුක්රේනයේ සිටින රුසියා හමුදාවට වැඩිදුර සේවා සපයන්න – පුටින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG