Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ජීව වැටක්  

Add comments

අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා පර්යේෂණාත්මක ජීව වැටක් ඉදිකිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදයාලයේ ආචාර්යවරුන් කණ්ඩායමක් පියවර ගෙන තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි ඩී කලාපයේ බිසෝපුර නෑබඩවැව කොට්ඨාසයේදී මෙම ජීව වැට ඉදිකිරීම සිදු වනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජෛව පද්ධති තාක්ෂණවේදය අධ්‍යයන අංශයේ ආචාර්ය මන්ඩලයයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ.

ඒ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේද සහාය ඇතිවයි. ඉන්දියානු විලෝ ශාඛය භාවිතකරමින් ජීව වැට ඉදි කෙරෙනවා. වන අලින් මෙම විලෝ ශාකයට විකර්ෂණය වන බවයි පර්යේෂණවලින් හදුනා ගෙන ඇත්තේ.

අලින් ගමන් කරන මාර්ගවල විලෝගස් සිටුවීමෙන් ඔවුන් ගම්වැදීම වැළැක්වීම පර්යේෂකයන්ගේ ඉලක්කයයි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රුවනි අබේපාල මහත්මිය ඇතුළු පිරිසක් මෙම ව්‍යාපෘතියට එක්ව සිටිනවා.

The post අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ජීව වැටක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG