Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජෝ බයිඩන් හමුවීමට සෙලෙන්ස්කි වොෂින්ටනයට යාමට සූදානම්  

Add comments

යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි වොෂින්ටනයට යාමට සූදානම් වනවා. ඒ ඇමෙරිකා ජනපතිවරයා මුණගැසීමේ අරමුණෙන්.

පසුගිය පෙබරවාරි මාසයේ රුසියානු ආක්‍රම‍ණයෙන් පසු සෙලෙන්ස්කි විදෙස් සංචාරයක නිරතවන පළමු අවස්ථාව ද මෙයයි.

ඔහු ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලය ඇමතීමේ සූදානමක් ද පවතින බවට වාර්තා වනවා.

මේ වනවිටත් ඇමෙරිකා කතානායක නැන්සි පෙලෝසි ඊට සහභාගි වන්නැයි කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින්ට ලිපි යවා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

මීට පෙර යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි කියෙව් අගනුවර තම කාර්යාලයේ සිට ලෝක නායකයින් රැසක් සමග දුරකතනයෙන් සාකච්ඡා පැවැත්වූවා.

එහෙත් මෙම සංචාරයත් සමග යුක්රේනයට අවශ්‍ය යුදමය සහාය වැඩි වශයෙන් ලැබෙනු ඇති බවටයි අනාවැකි පළව ඇත්තේ.

 

 

The post ජෝ බයිඩන් හමුවීමට සෙලෙන්ස්කි වොෂින්ටනයට යාමට සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG