Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා ආසාදිතයින්ගෙන් චීනයේ රෝහල් පිරී යයි  

Add comments

කොරෝනා වයිරස ආසාදිතයින්ගෙන් චීනයේ රෝහල් පිරීයාමෙන් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

දෛනිකව වාර්තාවන ආසාදිතයින් හා මරණසංඛ්‍යාව  ඉතා පහළ අගයක් ගන්නා බවට චීන සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළ ද එරට රෝහල්වල දැඩි සත්කාර ඒකකයන් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

සති කිහිපයකට පසුව ඊයේ දිනයේ කොරෝනා මරණ 05 ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ ද චීන සෞඛ්‍ය අංශ ඒ පිළිබද නිල නිවේදනයක් නිකුත් කර නැහැ. 2020 වසරේ සිට  චීනය කොරෝනා වයිරස් ව්‍යාප්තිය ශූන්‍ය කෝවඩි ප්‍රතිපත්තිය යටතේ දැඩිව පාලනය කළා.

නමුත් පනවා ඇති නීතිවලට විරෝධය පල කරමින් රටපුරා උද්ඝෝෂණ ආරම්භ කිරීමත් සමග එම නීති ලිහිල් කිරීමෙන් අනතුරුවයි මෙලෙස වයිරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම ආරම්භ වූයේ.

 

 

 

The post කොරෝනා ආසාදිතයින්ගෙන් චීනයේ රෝහල් පිරී යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG